×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි  •  චීන විදේශ අමාත්‍යවරයා අද දිවයිනට  •  සංස්කෘතිය බෞද්ධ උරුමය විනාශ කරමින් රට ගොඩනගන්න බෑ - පූජ්‍ය පාතේගම ඤානීස්සර හිමි  •  ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා - අමාත්‍ය අනිල් ජයන්ත  •  මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය බාහිර පාර්ශවයකට අතට යාම ගැන විමර්ශන අරඹයි

ඩොලර් බිලියනක ආයෝජන ගත වූ වසරේ රටට ආකර්ෂණය කළා - අමාත්‍ය අනිල් ජයන්ත

Local  •  Published on: 2026-01-11 09:56:36

වත්මන් රජය බලයට පත්ව ගත වූ වසරේ දී ඩොලර් බිලියන ඉක්මවූ විදේශ ආයෝජන ප්‍රමාණයක් රටට ආකර්ෂණය කර ගැනීමට සමත්ව ඇති බව කම්කරු අමාත්‍ය සහ නියෝජ්‍ය මුදල් අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ සඳහන් කළේ දිවුලපිටිය දොරොව්ව පුර්වාරාම විහාරස්ථානයේ දී පැවැති ජංගම සේවා වැඩසටහනට එක්වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

2026 වසරේ එම ඉලක්කය ඩොලර් බිලියන 1.5 සිට බිලියන 2 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු පවසනවා.

"ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමට නම් රජය කළ යුත්තේ ආයෝජනයට අවශ්‍ය පරිසරය සකස් කර දීමයි. දේශපාලන යාන්ත්‍රණය හරහා සිදුකළ කප්පම් ගැනීම් සහ පගා ගැනීම් වැනි දූෂිත ක්‍රියා අප සම්පූර්ණයෙන්ම නතර කර තිබෙනවා. එමඟින් ආයෝජකයින් තුළ විශාල විශ්වාසයක් ගොඩනැගී තිබෙනවා. 2026 වර්ෂය සඳහා රාජ්‍ය ආයෝජන ලෙස රුපියල් බිලියන 4,480 ක දැවැන්ත මුදලක් අප වෙන් කර තිබෙනවා.

ආයෝජකයින්ට ආයතන ගණනාවකට යාමට සිදුවන අපහසුව මඟහරවා, 'එකම කවුළුවකින්' සියලු පහසුකම් සලසා දීමේ අඩිතාලම මේ වන විට සකස් කර තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා හරහා ආයෝජන දිරිමත් කරන කරනවා.

විපක්ෂය වසර ගණනාවක් තිස්සේ ගෙන ආවේ ඩොලර් බිලියන 13 ක පමණ ආයෝජන ප්‍රමාණයක් වෙනවා. ඔවුන් එල්ල කරන චෝදනා තමන් කළ වංචා දූෂණ පිළිබඳ නඩු කටයුතුවලින් බේරීමට කරන උත්සාහයන්දැයි සැක සහිතයි."