×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

චීන විදේශ ඇමති දිවයිනට පැමිණෙයි  •  දිට්වා නිසා අත්හිටවූ උසස් පෙළ විභාගය අද සිට නැවත ආරම්භ වෙයි  •  කඩිනම් කැබිනට් සංශෝධනයක් කරන ලෙස ඉල්ලා ඇල්ලේ හිමිගෙන් ජනපති අනුරට සංදේශයක්  •  අගමැති ධූරයේ වෙනසක් වෙන්නේ නැහැ - ටිල්වින් සිල්වා  •  පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

පාකිස්ථානය ඉදිරියේ ගෞරවය බේරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

Sports  •  Published on: 2026-01-12 02:24:46

සංචාරක පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟයෙන් ලකුණු 14ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත් වුණා.

මේ අනුව තරඟ 3කින් යුත් තරඟාවලිය තරඟ 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.

දඹුල්ල ජාත්‍යන්තර ක්රිකට ක්‍රීඩාංගණයේ පැවැති තරඟයට වර්ෂාවෙන් බාධා වීම සමඟ තරඟය ආරම්භ වීම ප්‍රමාද වුණා.

ඒ අනුව මෙම තරගය රාත්‍රී 9.20ට ආරම්භ වූණා.

තරඟයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

මේ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 12කට ලකුණු 161ක් ලබා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක තරඟයේ අවසන් පන්දුවාර කිහිපයේ දී ප්‍රවේගකාරී පිතිකරණයක යෙදුණා.

පන්දු 17කදී ඔහු ලකුණු 34ක් ලබාගත් අතර ඊට දැවැන්ත හයේ පහර 5 ඇතුළත්.

ලකුණු 162ක ඉලක්කයක් හඹා ගිය පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 12 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි.

පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් නායක සල්මාන් අගා පන්දු 12කින් ලකුණු 45ක් රැස්කිරීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 3කදී ලකුණු 25කට කඩුලු 4ක් දවා ගනු ලැබුවා.

ඒ අනුව තරඟාවලිය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.