×
සිංහල English தமிழ்

The Lanka TV

The Lanka TV

ජනපති අනුර සහ ජපාන අගමැති අතර නිල හමුව සිදුවෙයි  •  මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා පොලිස් අත්අඩංගුවට  •  දඬුවම් දීමේ පනත සංශෝධනයේ අරමුණ ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිළි කිරීමක්  •  අමෙරිකාවේ ක්‍රිස්තු දේවස්ථානයකට එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් සිව් දෙනෙක් මරුට  •  අයිස්වල‍ට වඩා දරුණු මත්ද්‍රව්‍යක් මෙරටදී නිෂ්පාදනය කර ඇති බව හෙළි වෙයි

සුළං බලාගාර ව්‍යාපෘතිය නිසා මන්නාරම උණුසුම් වෙයි

Local  •  Published on: 2025-09-27 10:31:39

මන්නාරම නගරයේ ඉදිකිරීමට යෝජිත සුළං බලාගාර වෙත අවශ්‍ය ටර්බයින හා අනෙක් උපකරණ ඊයේ (27) රාත්‍රියේ රැගෙන ඒමත් සමඟ ප්‍රදේශයේ ජනතාව ඊට එරෙහිව දැඩි විරෝධයක් පළකර තිබෙනවා.

සුළං බලාගාර ටර්බයින හා අනෙකුත් උපකරණ මන්නාරම නගරයට රැගෙන නොඑන ලෙසට ඉල්ලීම් කරමින් ජනතාව විරෝධතාවල නිරත වූ බව සඳහන්.

කෙසේ වෙතත් පොලිස් කැරලි මර්දන කණ්ඩායම් උපයෝගී කර ගනිමින් මන්නාරම නගරය වෙත සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින හා අනෙක් උපකරණ රැගත් වාහන රැගෙන ඒම සිදුකළ බවද වාර්තා වනවා.

මන්නාරම දූපත සීමාවේ සුළං බලාගාර ඉදිකිරීම නතර කරන ලෙසට හා මන්නාරම දූපත අවට සීමාවේ ඛනිජ වැලි කැනීම නවත්වන ලෙස ඉල්ලීම් කරමින් මන්නාරම ජනතාව අඛණ්ඩව 55 වන දිනටත් ඊයේ (26) මන්නාරම නගරය මධ්‍යයේ විරෝධතාවල නිරත වුණා.

සුළං බලාගාරයට අවශ්‍ය ටර්බයින හා අනෙක් උපකරණ රැගෙන ඒමත් සමඟ එම විරෝධතා උත්සන්න වී උණුසුම් තත්ත්වයක් ද හටගෙන තිබුණා.

මෙහිදී විරෝධතාකරුවන් තිදෙනෙකු තුවාල ලැබූවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනතාව චෝදනා කළේ පොලීසිය විසින් එම පහරදීම් සිදුකළ බවයි.

මන්නාරම නගරය වෙත සුළං බලාගාර ඉදිකිරීම් උපකරණ රැගෙන එන අවස්ථාවේ එම ප්‍රදේශයේ පිරිසක් විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ එහිදී තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වූ බවත් කිසිඳු අවස්ථාවක  වැසියන්ට පහරදීමක් සිදු නොකළ බවත්ය.

මන්නාරම සුළං බලාගාර ඉදිකිරිම පිළිබඳ වන ගැටළුව වෙනුවෙන් මන්නාරම ආගමික නායකයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පසුගිය අගෝස්තු 13 වනදා සාකච්ඡාව පැවැත්වුවා.

එහිදී මන්නාරම සුළං බලාගාර ඉදිකිරිම පිළිබඳව නැවත සලකා බලන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවද අදාළ පොරොන්දු ඉටු කිරීමට කටයුතු නොකළ බව ඔවුන් පෙන්වා දෙනවා.

මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය හේතුවෙන් වැසි සමයේ නගරයේ වැසි ජලය ගලාගෙන යාමට නොහැකි වන බවත් ඒ හේතුවෙන් මන්නාරම නරගයේ බොහෝ ප්‍රදේශවල ජල ගැලීම් තත්ත්ව හටගන්නා බවත් විරෝධතාකරුවන් පැවසුවා.